Monday, March 12, 2012

සිංහල භාෂාව

සිංහල භාෂාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. එසේ වුව ද අද වන විට මිලියන 15කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි.
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැබුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පෙර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බුදු දහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානුකෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත.
ක්‍රි.ව. 20 වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)
සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික භාෂාවක් ලෙස පිළිගනු ලැබ තිබේ.

සිංහල හෝඩිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි ය. එනම් ශුද්ධ සිංහල හොඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය වශයෙනි.

සිංහල යුනිකේත
යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස ද ඇතුළත්ව ඇත Sinhala. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. පරිගණක ක්‍ෂේත්‍රය තුළ හෙළ බසෙහි ඇති පසුගාමී බව අමුතුවෙන් කිවයුතු නොවේ. සිංහල යුනිකේත සම්මතයට අනුකූල මෘදුකාංග ඇත්තේ අතලොස්සක් පමණි. නොදැනුවත්කම හෝ අපැහැදීම නිසා බොහෝ දෙනා ඒ කෙරෙහි නැඹුරු වී නැත.
යුනිකේත සම්මතය ගැන ඇතමෙකු අපැහැදී සිටින්නේ එයින් සිංහල වරණ විකෘති වන බැව් සිතීමෙනි. යුනිකේත සම්මතයේ (එනම් අභ්‍යන්තර නිරූපණයෙහි) එක ම කේතයක් කෙටි පා පිල්ලක් යෙදීම එක් නිදසුනකි. අභ්‍යන්තර නිරූපණය හා තිරයේ දිස්වීම අතර වෙනස අවබෝධ කරගත් කල මෙවන් චෝදනා පදනම් විරහිත බව මොනවට පැහැදිලි ය. පිල්ලම් සැමවිට ම අදාළ ව්‍යංජනයට පසුව යතුරු කිරීම යුනිකේත සම්මතය යි; මෙහෙයුම් පද්ධතිය (operating system) එය නිසි පිළිවෙලට විදහා දක්වයි; සංකීර්ණ අකුරු සංයෝජන පවා එයින් නිරූපණය කර හැක (උදා: ).
මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත.
පරිගණකයට සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීමට මෙතැන ක්ලික් කරන්න
සිංහල ඉලක්කම්
නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
සිංහල පරිගණක යෙදුම්
සිංහල යුනිකෝඩ් හා සබැඳි පරිගණක යෙදුම් පිළිබඳ තතු සෙවීමට මෙතැන ක්ලික් කරන්න
වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් සිංහල යතුරු ලියනය කිරීම සදහා 2012 වර්ෂයේ දී නව පරිගණක මෘදුකාංගයක් නිකුත් කොට ඇත. මෙය බාගත කිරීම සදහා සහ වැඩි විස්තර ලබා ගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.* ලැන්ග්ප්ලස් දෙමළ සීංහල යතුරු පුවරුව (යුනිකෝඩ්)
යුගල පද
ණය - තුරුස්, බල - තල, වැඩක් - පලක්, ලෙහෙසි - පහසු, වඳින - පුදන, අරුම - පුදුම, වත් - පොහොසත්, අතුරු - ආන්තරා, රැකී - රක්ෂා, වග - විභාග, වෙර - වීරිය, ඇත්ත - නැත්ත, ගහක් - කොළක්, ඇප - කැප, වස් - දොස්, අග - හිඟ, කොට්ට - මෙට්ට, සැර - වැර, සිත් - පිත්, සුන් - බුන්, යමක් - කමක්, ඇද - කුද, බණ - දහම්, අවුල් - වියවුල්, අරුම - පුදුම, කෙළි - සෙල්ලම්, උස් - පහත්, යන - එන, ලොකු - කුඩා, දිනුම් - පැරදුම්, රළු - පරළු, ලට - පට, වදෙන් - පොරෙන්, තද - බද, පරක් - තෙරක්, නැටුම් - ගැයුම්, ඉන්න - හිටින්න, උස - මහත, හිතක් - පපුවක්, අකට - විකට, අතට - පයට, අතුරු - සිදුරු, අර - පරිස්සම්,දුර-දිග,අනෙ-අපොයි දුක-සතුට,බෙර-පද,කන්න-බොන්න
සමාන පද
එළිය = ආලෝකය.මව = දිනිතිය.ගැහැනිය = දිගැසිය. සමාන පද කිහිපයකි
උපමා
malsara
තනි වචන
වචන කිහිපයක් වෙනුවට යොදන තනිවචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.
  1. පාද හතරක් ඇති - සිවුපා
  2. පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය
  3. දෑසම නොපෙනෙන - අන්ධයා
  4. ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශීලී
  5. බිය උපදුන සුළු - බියජනක
  6. පව්ලක උපන් පළමු දරුවා - කුළුඳුල්
  7. සමාජයට කැමති - සමාජශීලී
  8. මිලකළ නොහැකි - අමිල
  9. දොළොස්මසකට වරක් - වාර්ෂික
  10. ගසක අතු බෙදෙන තැන - දෙබල
  11. ජනතාව අඩු - ජනශුන්‍ය
  12. මෙරටට ගෙන එන - ආනයන
  13. මෙරටින් විදේශවලට යවන - අපනයන
  14. ඇඳුම් මසන්නා - සන්නාලියා
  15. කොණ්ඩය කපන්නා - කරනවැමියා
  16. කෑම උයන්නා - අරක්කැමියා
  17. සපත්තු මහන්නා - සපතේරුවා
  18. ගමෙහි වාසයකරන - ගැමියා
  19. රජුට තුති ගී ගයන්නා - වන්දිභට්ටයා
  20. ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව
හිසි වෙන්වූ මළ කද - කවන්ධය වැඩි විස්තර සඳහා සිංහල භාෂාවේ තනි වචන වෙත යන්න
ප්‍රස්ථා පිරුළු
  1. ආච්චි මල දවස වගේ - අධික ප්‍රීතියක් ඇතිවීම
  2. උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - ඇතැම් වැඩ කල නොහැකි වීම
  3. කිරි ගහට ඇනීම - හරියටම හරි
  4. කුඩම්මාගේ ආදරය - ව්‍යාජ ආදරය
  5. කිඹුල් කඳුළු හෙලීම - බොරුවට අඬනවා
  6. කබරයාට තලනවා - නිෂ්පල දඬුවමක් දීම
  7. උනහපුලුවට කඳුළු ඒම - දුර්ලභ සිද්ධියක් සිදුවීම
  8. කනා පල්ලම් බැහීම - අවදානම් වැඩ කිරීම
  9. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ - යම් කරදරක වැටුණු පුද්ගලයෙක් තවත් කරදරයක් වීම
  10. පොල්ලට ලොකු වලං
  11. වක්කඩේ හකුරු හැංගුවා වගේ - නිස්පල ක්‍රියවක යෙදීම.
  12. දීකිරට බළල්ලු සාක්කි
  13. නයාට ගහලා පොල්ල වරද්දගන්නවා
  14. බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම.
  15. අතීසාරයට අමුඩ ගහනවා වගේ
  16. මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ

සමාස
ලොකු ද කුඩා ද ළමයි සියල්ලෝම පාන් ද බත් ද කමින් දිවා ආහාරය ගත්හ.
ලොකු කුඩා ළමයි සියල්ලෝම බත් පාන් කමින් දිවා ආහාරය ගත්හ.
මෙම වාක්‍ය දෙකෙන් ම එකම අර්ථය දෙන අතර දෙවන වාක්‍ය කෙටිය. මෙසේ පද කෙටිවීම සමාස ලෙස හැදින්වේ. අර්ථයට අදාල වන ලෙස මනාලෙස ගැලපීම මෙහිදී සිදුවිය යුතුය. ප්‍රධාන වශයෙන් සමාස වර්ග පහකි.
1. 'ද' කාරාර්ථ සමාසය
'ද' යන නිපාතයෙන් සම්බන්ධ වී ඇති පදවල එම නිපාතය ඉවත්කර ලොප් කිරීම මගින් තනි පදයක් සැදීම
හිරු ද සඳු ද = හිරු සඳු
මුතු ද මැණික් ද = මුතු මැණික්
2. අව්‍යය සමාසය
3. විශේෂණ සමාසය
4. විභක්ති සමාසය
5. අන්‍යාර්ථ සමාසය
විභක්ති
ප්‍රථමා විභක්තිය
උදා: පුතා අලුයම පිබිදෙයි.
මෙහි ක්‍රියාව කරනේ 'පුතා' ය. 'පුතා' යන පදය උක්ත වී ඇති නිසා එය උක්ත කතෘ වේ. වාක්‍යයක උක්ත වන පදය ප්‍රථම විභාක්තියේ යෙදේ.
විදේශීය බලපෑම්
ඈත අතීතයේදී සිට පාලි සහ සංස්කෘත වචන සිංහල ලිඛිත සිංහල බසට එක්විය. සියවස් ගණනාවක් අධිරාජ්‍යවාදී පාලනයන නතු වීම නිසා පෘතුගීසි, ලන්දේසි හාඉංග්‍රීසි භාෂාවන්ගෙන් ඍණීකරණය වූ වචන සිංහල භාෂාවේ අඩංගු වේ.

[මෙම පිටුව අවසන් වරට වෙනස් කරන ලද්දේ 18 පෙබරවාරි 2012 දිනදී, 01:56 වේලාවෙහිදීය..(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය ඇසුරෙන්)]

 මම තිවංක,
මගෙ වැඩ හොදයි නම් මේ Link එකට ගිහින් Like එකක් දාන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා....
මෙන්න මගේ Web Site එක http://www.thiwanka.site90.net/
එහෙනම් ඔන්න මම් ගියා..... ඔයලා හැමොටම ස්තූතී ගොඩාක්.....!!

Sunday, March 11, 2012

ශ්‍රී දළදා මාළිගාව

ශ්‍රී දළදා මාළිගාව
(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය ඇසුරෙන්) 
ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ.
දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර,හඟුරන්කෙත නුවර,නිළඹේ නුවර , සෙංඛඩගල නුවර, හා ගලේ නුවර,දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළඳා මාළිගයේ ඉතිහාසය
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

දියවඩන නිළමේ තනතුර
Main article: දියවඩන නිලමේ
පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.
දියවඩන නිළමේවරු
  1. කපුවත්තේ අධිකාරම් නිළමේතුමා 1814-1
  2. දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා 1825-1827
  3. කුඩා මොල්ලිගොඩ නිළමේතුමා
  4. 1827-1828 කුඩා දෙහිගම නිළමේතුමා 1828-1835
  5. මුල්ලේගම අධිකාරම් නිළමේතුමා
  6. 1835-1842 දුල්ලැව අධිකාරම් නිළමේතුමා
  7. 1842-1848 .ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා
  8. 1848-1862 .කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා
  9. 1862-1882 කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා
  10. 1882-1897 සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා
  11. 1897-1901 කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා
  12. 1901-1916 පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා 1916-1937
  13. ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා
  14. 1937-1947 කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා 1947-1961
  15. හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා 1961-1964
  16. හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා
  17. 1964-1974 ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා
  18. 1975-1985 නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා
  19. 1985-2005 ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා 2005 සිට

සිව් මහා දේවාල
දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

නාථ දේවාල
දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

ශ්‍රි විෂ්ණු දේවාල
පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.
ශ්‍රි කතරගම දේවාල
14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

ශ්‍රි පත්තිනි දේවාල
දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්
Main article: දළදා මාලිගාවේ මංගල්‍යයන්
සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

කෞතුකාගාරය

දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ.එහි පහත කෞතුක වස්තු තැම්පත් කර ඇත.
  1. සමාදි පිළිමය
  2. පැරණි ධාතු කරඬුව
  3. සිරි පතුල
  4. රිදි කලය
  5. කැටයම් කරනලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමක

මෙම නගරයේ ශ්‍රී ධාතු මන්දිරය,මල්වතු අස්ගිරි උභය මහා විහාරය විෂ්ණු , කතරගම, පත්තිනි.නාථ යන දේවාල හා කිරි සයුර නම් මහනුවර වැව හේතුවෙන් ලෝක උරැම නගරයක් බයට පත්ව ඇත.

[මෙම පිටුව අවසන් වරට වෙනස් කරන ලද්දේ 8 දෙසැම්බර් 2011 දිනදී, 06:31 වේලාවෙහිදීය.(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය ඇසුරෙන්)] 
මම තිවංක,
මෙන්න මගෙ Fanepage එක.
මගෙ වැඩ හොදයි නම් මේ Link එකට ගිහින් Like එකක් දාන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා....
මෙන්න මගේ Web Site එක http://www.thiwanka.site90.net/
එහෙනම් ඔන්න මම් ගියා..... ඔයලා හැමොටම ස්තූතී ගොඩාක්.....!!